අපි පෙරමග සකසන්නෝ වෙමු
අවිඳු අඳුරට එරෙහිව කලා පහනක් දල්වමු |
සමාජ පරිහානියේ බිහිසුණු බව, දුක්ඛදායක බව, රළු කටුක බව අපි නිරන්තරයෙන් අත්දකිමින් සිටිමු. දින දින අසන්නට දකින්නට ලැබෙන්නේ මනුෂ්‍යත්වය සිඳී ගොස් නොමිනිස්කම් රජයන බවට සාක්ෂ්‍ය සපයන සමාජ සංසිද්ධීන් ය. මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම් ආදී අපරාධ ජනමාධ්‍යයන්හි රස මසවුළු ය. ප්‍රේමයෙන් පරාජය වූ තැන මිනීමැරුමකි. නැත්නම් සියදිවි හානි කරගැනීමකි. විද්‍යුත් මාධ්‍ය ද, සමාජ ජාල ද, මුද්‍රිත මාධ්‍ය ද මේ පිළිබඳව වාර්තා කරනුයේ මහත් ජුගුප්සාජනක අයුරිනි. මෙවන් පසුබිමක මනුෂ්‍යත්වය පුබුදුවාලන සමාජ රටාවක් ස්ථාපිත වනු ඇතැයි කෙලෙස නම් සිතිය හැකිද?
|
‘‘තීර්ථය”
|
මෙම යහඅරමුණ පෙරදැරිව සුභාවිත ගී රස වින්දන වැඩසටහනක් ඉදිරිපත් කිරීමට අදහස් කළෙමු. එම සුභාවිත ගී පෙළහර ‘‘තීර්ථය” ලෙසින් නාමකරණය වනු ඇත. තීර්ථය යනු භාව යාත්‍රා නැංගුරම්ලන තොටුපළයි. හුදු වින්දනීය අත්දැකීමකින් ඔබ සප්තස්වරයෙන්, මධුර භාෂිතයෙන් පැහැසර වූ හරිත දනව්වකට එතෙර කරලන තොටුපළ යි.
|