නිලාර් එන්. කාසීම්
පැහැසර අරුණක ඉර මල පුබුදුවාලමින්, සඳ දිය දෙවුණ සිනාවක රන්ඳා, හෙළ ගීත සාහිත්‍යයට සරස වසන්තය කැන්දා ගෙන ආයේ ඔහු ය. ඒ නිලාර් එන් කාසිම් ය. ඔහු කවියෙකි. ලේඛකයෙකි. පරිවර්තකයෙකි. ජනමාධ්‍යවේදියෙකි. ඒ සියල්ල අභිබවා නිලාර් වඩාත් සහෘද සන්තානගතව රැඳී සිටිනුයේ අපූර්ව ගේය පද රචකයකු ලෙසිනි.
දකුණු ලක මාතර පුරවර උපත ලද නිලාර්, මාතර රාහුල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා උසස් අධ්‍යාපනය සපුරාගන්නේ ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙනි. මව්බස දෙමළ වුව ද සිංහල විශේෂවේදී උපාධිය හදාරමින් ගෞරව සාමාර්ථ සහිතව සමත් වන ඔහු සම්භාව්‍ය සාහිත්‍යය, නූතන සාහිත්‍යය මෙන්ම දමිළ සාහිත්‍යයෙන් ද පෝෂණය ලබමින් තම ප්‍රතිභාන්විත ලේඛන හැකියාව තවදුරටත් මුවහත් කොට ගත්තේ ය. |
වලාකුල් වියන් තනාලා |
ගේය පද රචනාවන්හි ලා වඩාත් සුනම්‍යව, සිලිටිව, අර්ථාන්විතව හෙළ බස හැසිරවීමෙහි සමත් නිලාර් ලාංකේය ගීත ක්ෂේත්රයට එක කර ඇති ගී නිර්මාණ 500 කට ආසන්න ය. සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, මාලනී බුලත්සිංහල, අබේවර්ධන බාලසූරිය, නිරංජලා සරෝජිනී වැනි ප්‍රවීණ ගායක ගායිකාවන් මෙන්ම භාතිය සන්තුෂ්, චාමික සිරිමාන්න, රුවන් හෙට්ටිආරච්චි වැනි නව පරපුරේ ශිල්පීන්ද ඔහුගේ ගී නිර්මාණ සඳහා තම හඬ මුසු කොට ඇත.
නිලාර් චිත්‍රපට සහ ටෙලි නාට්‍ය සඳහා ද සරල සුගායනීය ගීත නිමවා ඇති අතර ඒවා වඩාත් ජනප්‍රිය විය. "හිරිපොද වැස්ස" චිත්‍රපටයේ "මීදුමෙන් වැසී" "ගුම් නාදේ " "වලාකුල් වියන් තනාලා ""පෙරදා මැවූ සිනා" "රොන් සුවඳ දැනුනා", සිංහාවලෝකන චිත්‍රපටයේ "මතකද හැන්දෑවේ අපිදෙන්නා" ඒ අතර නව පරපුරේ වඩාත් හද දිනූ ගී ලෙස හැඳින්විය හැකිය. |
යුග තුනක පුරුක
|
ප්‍රේමසිරි කේමදාස, ඔස්ටින් මුණසිංහ, රෝහණ වීරසිංහ, එච්.එම්.ජයවර්ධන, නවරත්න ගමගේ, භාතිය වැනි පරම්පරා තුනක සංගීත අධ්යක්ෂවරුන් නිලාර්ගේ ගී වෙනුවෙන් සප්ත ස්වර සංකලනයෙන් දායක වී තිබීම ද සුවිශේෂ ය.
සිංහල ගීත ක්ෂේත්‍රෙය් ගේය පද රචකයන් අතර සුභාවිත ගීතය රැක ගැන්ම වෙනුවෙන් විශේෂ දායකත්වයක් ලබා දෙන ප්‍රවීණ රචකයෙක් ලෙස නිලාර් එන්. කාසිම් හඳුන්වා දීම අතිශයෝක්තියක් නොවනු ඇත. |