තීර්ථය
  • නිවස
  • අප ගැන
  • සම්පත්දායකයෝ
  • තීර්ථය වැඩසටහන් මාලාව
  • සපූ තීර්ථයේදී
  • ප්‍රවේශපත්
  • අමතන්න

සම්පත් දායකයෝ

Picture

නිලාර් එන්. කාසීම්

නිලාර්. එන්. කාසීම්  නූතන සිංහල ගීත රචනා කලාව වෙනුවෙන්, ගීත රසවිඳින රසිකයින් වෙනුවෙන්ගුණාත්මක වටිනාකම් එක්කළ ජනප‍්‍රිය ගේය පද රචකයෙක්. වර්තමාන හරසුන් ගීත රචකයන් අතරි නිලාර්  පැහැදිලි වෙනසක් ඇති කළ රචකයෙක්. නිලාර් පරම්පරා තුනක සංගීතඥයින් හා නිර්මාණයන්ට දායක වී ඇති අතර ගීත 500 කට අධික ප්‍රමාණයක් රචනා කොට ඇත.

හරසුන් බස් තෙපළන එෆ්.එම්. නිවේදක පරපුර අතර සුබස වහරන නිලාර් විදග්ධ සංවාද මණ්ඩපයන් හට සිය පරිචයෙන් ලබා දෙන ආලෝකය තීර්ථයේ වින්දනාත්මක සැදෑවටද නිසැකයෙන් ලබා දෙනු ඇත.

නිලාර් පිලිබඳ වැඩිදුර තොරතුරු සඳහා..

නාලක අංජන කුමාර

නාලක අංජන කුමාර සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නෙ රජරටින්. ප්‍රාදේශිය ගුවන් විදුලි සේවාවක් වූ රජරට සේවය ළමා මණ්ඩපයේ ගායකයෙක් වගේම වාදකයෙක් ලෙසයි ඔහුගේ සංගිත දිවියේ ආම්භය සටහන් වෙන්න. ඒ ප්‍රාදේශිය ගුවන් විදුලියක් වූ රජරට සේවයේ ස්වර්ණමය යුගය. අනතුරුව නාලක ජාතික තලයේ සංගිත අධ්‍යක්ෂවරයෙක් සහ ගායන ශිල්පියෙක් ලෙස සංගීත ක්ෂේත්‍රයේ නමක් දිනා ගැනිමට සමත් වූයේ ඉතාමත් ළා බාල වයසේදිමයි. ඔහු පළමු වතාවට  ගීතයක් නිර්මාණය කරන්නෙ කරුණාරත්න දිවුල්ගනේට ඒ  "අතිතය සිහිනයක් පමණයි" ගීතය. අනතුරුව ඔහු විසින්ම  නිර්මාණය කළ  දිවුල්ගනේ ගැයූ "ඔබට වරම් නැති " ගීතයත් නාලකගේ සංගීත ගමනේ ශක්තිමත් අඩිතාලමක පදනම වුණා. ඒවන විට ඔහුට වයස අවුරුදු 16 යි.

එසේ රජරට සේවය හරහා සංගීත ක්ෂේත්‍රයට පිවිසි නාලක පාසල් දිවියෙන් පස්සේ කපුගේගේ "කම්පන"   ඒක පුද්ගල ගීත ප්‍රසංගයේ ගිටාර් වාදන ශිල්පියා ලෙස සහභාගි වෙමින් සිය සංගීත දැනුම පුළුල් කර ගත්තා.
ඕනැම ගීතයක් නො අසා ඒ ගීතයේ ස්වර ප්‍රස්ථාරය මතකයෙන් නිවැරදිව ලිවිමට හැකියාවක් තියෙන  සංගීත අධ්‍යක්ෂකවරයෙක් එහෙමත් නැත්නම් වාදකයෙක් විදියටයි වරෙක කපුගේ විසින් ඔහු හැඳින් වූයේ.  ඒ කෙසේ වුවත්, නාලක පසුකාලයේ  ගුවන්විදුලියේ සංගීත අංශයේ වාද්‍ය වෘන්දයට ගිටාර් වාදකයෙකු ලෙස සම්බන්ධ වුණා.
http://aswanna.blogspot.com/2012/10/isolated-fingers.html
Picture

We Would Love to Have You Visit Soon!


Hours

M-F: 7am - 9pm

Telephone

415-555-1234

Email

info@email.com
  • නිවස
  • අප ගැන
  • සම්පත්දායකයෝ
  • තීර්ථය වැඩසටහන් මාලාව
  • සපූ තීර්ථයේදී
  • ප්‍රවේශපත්
  • අමතන්න